ආසියානු කුසලානය ගැනීමට නොහැකිව ඉන්දියාව අසරණ වෙද්දී පාකිස්තාන් ක්‍රිකට් සභාපති දැඩි තීරණයක.. -
News

ආසියානු කුසලානය ගැනීමට නොහැකිව ඉන්දියාව අසරණ වෙද්දී පාකිස්තාන් ක්‍රිකට් සභාපති දැඩි තීරණයක..

නිමාවූ ආසියානු කුසලාන තරඟාවලියේ ශූරතාවය දිනගත් ඉන්දීය කණ්ඩායම ජයග්‍රාහී කුසලානය, ආසියානු ක්‍රිකට් කවුන්සිල් සභාපති මෙන්ම පාකිස්තාන් ක්‍රිකට් සභාපති මොසින් නක්වි මහතා අතින් ලබාගැනීම ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව ඔහුගේ තීරණය වුණේ ඉන්දියාව එලෙස කටයුතු කරන්නේ නම් තමන් ඉන්දීය කණ්ඩායමට හිමි ජයග්‍රාහී කුසලානය සහ ජයග්‍රහකයින්ට ලබාදෙන පදක්කම්ද ලබානොදෙන බවටයි. පසුව ඉන්දීය කණ්ඩායම කුසලානය නොමැතිව ජයග්‍රහණය සමරනු ලැබුවා.

ආසියානු ක්‍රිකට් සභාපතිවරයාගේ මෙම ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ( BCCI ), ආසියානු ක්‍රිකට් කවුන්සිලයට දන්වා තිබුණේ ඉන්දියාවට අයිති කුසලානය තැපෑලෙන් හෝ තමන් වෙත එවන ලෙසයි. පසුගියදා මාර්ගගත ක්‍රමය යටතේ පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සිල විධායක කමිටු රැස්වීමට එක්වූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපති රාජීව් ශුක්ලා, ආසියානු ක්‍රිකට් සභාපති මොසින් නක්විව දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ” හැකි ඉක්මනින් ඉන්දියාව වෙත කුසලානය ලබාදෙන්න ඕනෙ. ඔය තනතුර අපක්ෂපාතී තනතුරක්. ඔබ ඉන්දීය කණ්ඩායමට සුභපැතුමක්වත් එක්කර තිබුණේ නෑ. ” යනුවෙන් ශුක්ලා ආසියානු සභාපතිවරයා අමතා ඇති බව වාර්තාවෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති නක්වි ” හරි කුසලානය දෙන්නම්. ඉන්දීය නායකයට කියන්න මගේ කාර්‍යාලයට ඇවිල්ල කුසලානය රැගෙන යන්න කියලා. ” යනුවෙන් පවසා තිබෙන අතර ඊට උරන වූ ඉන්දීය ක්‍රිකට් උපසභාපති රාජීව් ශුක්ලා පවසා ඇත්තේ ” අපි එහෙනම් ICC ක්‍රිකට් විධායක රැස්වීමේදී මේ ගැන බලාගමු. ” යනුවෙන්.

මෙම රැස්වීමෙන් පසු ආසියානු ක්‍රිකට් සභාපතිවරයා ජයග්‍රාහී කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් පාලක මණ්ඩලයට ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකරන්නේ.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button