ඉන්දීය – පාකිස්තාන දේශපාලන අර්බුධය කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයටත්.. -
News

ඉන්දීය – පාකිස්තාන දේශපාලන අර්බුධය කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයටත්..

පසුගිය කාලය පුරාවට ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති දේශපාලන අර්බුධය නිමාවූ ආසියානු කුසලානයේදී ක්‍රීඩා පිටිය තුළදීද දක්නට ලැබුණු අතර තරඟාවලිය පුරාවට ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක්ද සිදුවුණා. කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් අතට අත නොදීමෙන් ඇරඹුණු එදිරිවාදිකම් අවසානයේ නිමාවුණේ ඉන්දීය ක්‍රීඩකයින් ආසියානු කුසලානය ආසියානු ක්‍රිකට් කවුන්සිල මෙන්ම පාකිස්තාන් ක්‍රිකට් සභාපතිවරයාගේ අතින් ලබාගැනීම වර්ජනය කිරීමත් සමඟින්.

එවන් පසුබිමක දෙරටෙහි දේශපාලන එදිරිවාදිකම් 2025 කාන්තා ලෝක කුසලානයටත් රැගෙනඒමට ඉන්දියාව කටයුතු කර ඇති බව වාර්තාවෙනවා. ඒ කාන්තා ලෝක කුසලානයේ එළඹෙන ඉරිදා කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දීය කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන් කාන්තා කණ්ඩායම අතර තරඟයේදී පාකිස්තාන ක්‍රීඩිකාවන් සමඟ අතට අත දීමෙන් වළකින ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ( BCCI ) ඉන්දියානු ක්‍රීඩිකාවන්ට උපදෙස් දී ඇති පසුබිමකයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button