ඉන්දීය යොවුන් පිතිකරු තිලක් වර්මාගේ සිරුරේ කුසල් මෙන්ඩිස්ගේ ටැටූවක් ?.. -
News

ඉන්දීය යොවුන් පිතිකරු තිලක් වර්මාගේ සිරුරේ කුසල් මෙන්ඩිස්ගේ ටැටූවක් ?..

ආසියානු කුසලාන අවසන් මහා තරඟයේදී පාකිස්තානයට එරෙහිව දියත්කළ සුපිරි ඉනිමත් සමඟින් ඉන්දීය යොවුන් පිතිකරු තිලක් වර්මා, ලොව පුරා අවධානය දිනාගැනීමට සමත්වුණා.

එවන් පසුබිමක් තුළ තිලක් වර්මාගේ සිරුරේ ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ රුව සහිත ටැටූ එකක් ඇති බවත් මේ පිළිබඳව ඔහුගෙන් විමසූ විට ” ඔහුගේ ප්‍රියතම ක්‍රීඩකයා කුසල් මෙන්ඩිස් වන නිසා ඔහු එම ටැටූ එක නිර්මාණය කරගත් බවත් ” සඳහන් කළ ඇති බව දැක්වෙන පොස්ට් කිහිපයක් සමාජ මාධ්‍ය තුළ මේ දිනවල සංසරණය වෙනවා. ( එවැනි පෝස්ටුවක් පහතින් )

Screenshot

කෙසේවෙතත් Sri Lanka Cricket Lions අප කළ සොයාබැලීමකදී කුසල් මෙන්ඩිස්ගේ රුව සහිත ටැටූවක් තිලක් වර්මාගේ සිරුරේ නොමැති බවත් ඔහු ඉහත සඳහන් පරිදි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් අපට තහවුරු කරගැනීමට හැකිවුණා. ඔහුගේ සිරුරේ සිය දෙම්වපියන්ගේ රුව සහිත ටැටූවක් ඇති අතර එම රුව දැක්වෙන ඡායාරූපය කුසල් මෙන්ඩිස්ගේ රුව දැක්වෙන ආකාරයට සංස්කරණය කර ඇති බව අපට වැඩිදුරටත් තහවුරු කරගැනීමට හැකිවුණා.

තිලක් වර්මාගේ සිරුරේ ඇති ටැටූස් දැක්වෙන සත්‍ය ඡායාරූප පහතින්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button