මතීශ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමෙන් ඉවතට ?.. -
News

මතීශ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමෙන් ඉවතට ?..

2022 අයි.පී.එල් තරඟාවලියේ සිට අඛණ්ඩව වසර 04 ක් පුරාවට IPL තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීශ පතිරණව, එළඹෙන 2026 අයි.පී.එල් තරඟාවලිය වෙනුවෙන් කණ්ඩායමේ තවදුරටත් රඳවා නොගැනීමට චෙන්නායි කණ්ඩායම තීරණය කර ඇති බව The Chennai Daily මාධ්‍ය ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඔහුට 2026 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වීමට සිදුවනවා. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් මතීශ පතිරණ, තරඟ 32 ක් තුළ කඩුලු 47 ක් දවාගැනීමට සමත්වී තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button