ශ්‍රී ලංකා කණ්ඩායමට නව පිතිකරණ සහ පන්දුයැවීමේ පුහුණුකරුවන් දෙදෙනෙක්.. -
News

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පිතිකරණ සහ පන්දුයැවීමේ පුහුණුකරුවන් දෙදෙනෙක්..

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු සහ දඟපන්දු යැවීමේ පුහුණුකරු ධූර වෙනුවෙන් නව විදෙස් පුහුණුකරුවන් දෙදෙනෙක් පත්කර තිබෙනවා. මීටපෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසින් තිලිණ කණ්ඩම්බි කටයුතු කළ අතර දඟපන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළේ පියල් විජේතුංගයි.

එංගලන්ත වේගයෙන් පන්දුවට පහරදීම පිළිබඳ ( පවර්-හිටින් ) විශේෂඤයෙක් වන ජූලියන් වුඩ් මහතාව වසරක කාලයක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙසින් පත්කර තිබෙන අතර නව දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් පත්කර තිබෙන්නේ නවසීලන්ත හිටපු ක්‍රීඩකයෙක් මෙන්ම ජෛව යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ ආචාර්ය වරයෙක්ද වන රෙනේ ෆර්ඩිනන්ඩ්ස් මහාතායි. ඔහු, මැණික් කටුව සහ ඇඟිලි යොදාගනිමින් දඟපන්දු යැවීමේ කාර්ය සාධන විශ්ලේෂණය පිළිබදව විශේෂඤයෙක්ද වනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button