ඕස්ට්‍රේලියා සුපිරි ක්‍රීඩකයින් දෙපළ අමෙරිකන් ඩොලර් මිලියන 20 කට පයින් ගසයි..

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ෆ්‍රැන්චයිස් කණ්ඩායමක් විසින් ඕස්ට්‍රේලයානු සුපිරි ක්‍රීඩකයින් දෙපළක් වන පැට් කමින්ස්ට සහ ට්‍රැවිස් හෙඩ් හට යෝජනා කළ අතිදැවැන්ත කොන්ත්‍රාත් ගිවිසුමක් ඔවුන් දෙදෙනා ප්‍රතික්ෂේප කර ඇතිබව ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
ඉන්දීය ප්‍රීමියර් ලීග් ඇතුළුව ලොව ප්‍රමුඛතම ෆ්‍රැන්චයිස් ලීග් තරඟාවලි කිහිපයක් නියෝජනය කරන කණ්ඩායමක් විසින් ඔවුන්ට මෙම යෝජනාව සිදුකර ඇති බවයි වාර්තාවෙන්නෙ. ඔවුන් දෙදෙනාට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්වී ෆ්‍රැන්චයිස් ලීග් තරඟාවලිවල සිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකිරීමට එමඟින් යෝජනා කර තිබෙන අතර ඒ සඳහා එක් අයෙකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 10 බැඟින් අති දැවැන්ත මුදලක් යෝජනා කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙන අතර කෙසේවෙතත් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම යටතේ ඔවුන්ට හිමිවන්නේද ඉන්දීය රුපියල් කෝටි 10 කටත් අඩු මුදලක්..