News
ජනවාරි මස මුලදී පාකිස්තානය ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක..

තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියක් වෙනුවෙන් එළඹෙන 2026 ජනවාරි මස මුලදී පාකිස්තාන කණ්ඩායම, ශ්‍රී ලංකා තරඟ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තාවෙනවා. තරඟාවලිය පිළිබදව තවම නිළවශයෙන් නිවේදනයක් නිකුත් වී නැතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතානය සහ පාකිස්තාන් ක්‍රිකට් මණ්ඩලය අතර තරඟාවලියට අදාළ සාකච්ඡා පැවැත්වෙන බවයි වාර්තාවෙන්නේ..
වාර්තා වන පරිදි ජනවාරි 08, 10 සහ 12 යන දිනවලදී තරඟ ත්‍රිත්වය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර සියලුම තරඟ කොළඹදී පැවැත්වීමටයි තීරණය වී තිබෙන්නේ..