ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසකට අයි.පී.එල් කණ්ඩායම්වල ස්තාන අහිමිවන ලකුණු..

2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එවන් පසුබිමක අයි.පී.එල් කණ්ඩායම් විසින් වෙන්දේසිය සඳහා මුදාහරින ක්‍රීඩකයින් පිළිබඳව මේදිනවල තොරතුරු වාර්තා වෙනවා.
පසුගිය අයි.පී.එල් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්තාන දෙකට පත්වූ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්තාන් රෝය්ල්ස් කණ්ඩායම් සිය කණ්ඩායම්වල වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත බබ වාර්තාවෙනවා. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම දීපාක් හූදා, රාහුල් ත්‍රිපාති, සෑම් කරන්, ඩෙවෝන් කොන්වේ සහ විජේ ශංකර් යන ක්‍රීඩකයින් සිය කණ්ඩායමෙන් මුදාහැරීමට තීරණය කර ඇති බව වාර්තා වන අතර රවිචන්ද්‍රන් අශ්වින්ද IPL පිටියට සමුදීමත් සමඟින් ක්‍රීඩකයින් 06 දෙනෙකුගේ පුරප්පාඩු මේවනවිට පවතිනවා. කෙසේවෙතත් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීශ පතිරණව තවම කණ්ඩායමෙන් මුදාහැර නොමැති අතර ඔහු සම්බන්ධව තවමත් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තාවෙන්නේ..
එලෙසම රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේද වෙනස්කම් රැසක් සිදුවීමට නියමිත බව වාර්තා වන අතර වසර ගණනාවක් නායකත්වය දැරූ සංජු සැම්සන්ද කණ්ඩායමෙන් ඉවත්වීමට සූදානමින් සිටිනවා. එලෙසම රෝය්ල්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩකයින් දෙපළ වන මහීශ් තීක්ශණ සහ වනිඳු හසරංගවද මුදාහැරීමට සැලසුම් කර ඇති බව වාර්තා වූ අතර කුමාර් සංගක්කාර නැවතත් පුහුණුකරුවෙකු ලෙසින් රාජස්තාන් කණ්ඩායමට එක්වීමත් සමඟින් එම තීරණයේ වෙනසක් සිදුවීමටත් අවස්තාවක් පවතින බවද වාර්තාවෙනවා.