News
හොංකොන්ග් සික්සස් තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි ?..

2025 හොංකොන්ග් සික්සස් තරඟාවලිය ඔක්තෝම්බර් 31, නොවැම්බර් 1 සහ 02 දිනවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසුගිය තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණු අතර මෙවර තරඟාවලියට එක්වීමට ඉඩ ඇති ශ්‍රී ලංකා සංචිතයද නම්කර තිබෙනවා.
07 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම්කර තිබෙන අතර පසුගිය වර ශූරතාවය දිනාගත් කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම මෙවරත් සංචිතයට ඇතුළත්ව සිටිනවා. කෙසේවෙතත් පසුගිය තරඟාවලියේ පිතිකරුවෙකු ලෙසින් ඉහළම දස්කම් දැක්වූ සඳුන් වීරක්කොඩි මෙම සංචිතයට ඇතුළත්ව නෑ.
හොංකොන්ග් සික්සස් තරඟාවලියට එක්වීමට ඉඩඇති ශ්‍රී ලංකා සංචිතය මෙන්න.
- Lahiru Madusanka (C)
- Dhananjaya Lakshan
- Lahiru Samarakoon
- Thanuka Dabare
- Tharindu Rathnayake
- Nimesh Vimukthi
- Sachitha Jayathilake