LPL තරඟාවලියේ කොළඹ කණ්ඩායමට නව හිමිකාරිත්වයක්.. -
News

LPL තරඟාවලියේ කොළඹ කණ්ඩායමට නව හිමිකාරිත්වයක්..

ලංකා ප්‍රිමීයර් ලීග් තරඟාවලියේ පසුගිය අදියර ක්‍රීඩා කළ Colombo Strikes කණ්ඩායම වෙනුවට 2025 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී Colombo Kaps නමින් නව කණ්ඩායමක් ක්‍රීඩාකිරීමට නියමිතව තිබෙනවා. ඉන්දීය තමිල්නාඩු ප්‍රීමියර් ලීග් තරඟාවලියේද කණ්ඩායමක් හිමි සරන්යන් පලනිස්වාමී සහ කේ.සී. ශ්‍යාම් කන්ගයාන් නම් ඉන්දීය ව්‍යවසායකින් දෙදෙනෙකුට අයත් Witness Sports Alliance LLC සමාඟම විසින් කොළඹ කණ්ඩායමේ නව හිමිකාරිත්වය ලබාගෙන තිබෙන අතර ඒ අනුව මෙවර LPL තරඟාවලියේදී කොළබ කණ්ඩායම Colombo Kaps නමින් ක්‍රීඩාකිරීමට නියමිතයි.

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ අදියර 06 ක් තුළ අවස්තා 04 කදී කොළඹ කණ්ඩායමේ හිමිකාරිත්වය වෙනස් වුණු අතර Colombo Kings, Colombo Stars, Colombo Strikers සහ Colombo Kaps නමින් කණ්ඩායමේ නම සහ නිල ලාංඡනද අවස්තා 04 කදී වෙනස්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button