ඇෆ්ගනිස්තානය තුන්කොන් තරඟාවලියෙන් ඉවත්වෙයි.. -
News

ඇෆ්ගනිස්තානය තුන්කොන් තරඟාවලියෙන් ඉවත්වෙයි..

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර දේශපාලන අර්බුධකාරී තත්වය නැවතත් උත්සන්න වී තිබෙනවා. එවන් පසුබිමක පාකිස්තානය එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළු දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

පාකිස්තාන ගුවන් ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු මිය යාමත් සමඟින් එළඹෙන නොවැම්බර් මාසයේදී පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාවේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියෙන් ඇෆ්ගනිස්තානය ඉවත්කරගැනීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තරඟාවලිය අත්හැරදැමීමට වැඩි ඉඩක් පවතින අතර අර්බුධකාරී පසුබිම හේතුවෙන් නොවැම්බර් මස මුල ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන් සංචාරයද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button