News
ඇෆ්ගනිස්තානය ඉවත්වීමත් සමඟින් සිම්බාබ්වේ කණ්ඩායම, තුන්කොන් තරඟාවලියට..

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර අර්බුධකාරී තත්වය හමුවේ පාකිස්තානය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළු දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟින් ඊට ප්‍රතිචාර ලෙස එළඹෙන නොවැම්බර් මාසයේදී පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාවේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියෙන් ඇෆ්ගනිස්තානය ඉවත්කරගැනීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කළා.
කෙසේවෙතත් ඇෆ්ගනිස්තානය ඉවත්වීමත් සමඟින් සිම්බාබ්වේ කණ්ඩායම එක්කරගනිමින් තුන්කොන් තරඟාවලියක් ලෙසම තරඟාවලිය පවත්වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙන අතර නව තරඟ කාලසටහනද නිකුත්කර තිබෙනවා.
නව තරඟ කාලසටහන මෙන්න.
- 17 Nov | Pakistan v Zimbabwe ( Rawalpindi )
- 19 Nov | Sri Lanka v Zimbabwe ( Rawalpindi )
- 22 Nov | Pakistan v Sri Lanka ( Lahore )
- 23 Nov | Pakistan v Zimbabwe ( Lahore )
- 25 Nov | Sri Lanka v Zimbabwe ( Lahore )
- 27 Nov | Pakistan v Sri Lanka ( Lahore )
- 29 Nov | Final ( Lahore )