News
දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට තවත් තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියක් ?..

දෙසැම්බර් මාසයේ පැවැත්වීමට දින නියමවී තිබුණු 2025 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය මෙම වසරේදී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිළවශයෙන් නිවේදනය කිරීමත් සමඟින් දෙසැම්බර් මස මැද භාගයේදී ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශයේ සහභාගීත්වයෙන් තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බව වාර්තාවෙනවා.
මේ දිනවලදී ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා පවත්වමින් සිටින අතර පාකිස්තාන ක්‍රිකට් ආයතනය මෙම තුන්කොන් තරඟාවලියට සම්බන්ධ වීමට දැනටමත් කැමැත්ත පලකර ඇති බවත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයත් සහභාගී වීමට වාචිකව කැමැත්ත පලකර ඇති බවත් වාර්තාවෙනවා.
තවද මෙම තුන්කොන් තරඟාවලියට පෙර දෙසැම්බර් මස මුලදී අයර්ලන්ත කණ්ඩායම සමඟින් තරඟාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බවද වාර්තාවෙනව.