News
හොංකොන්ග් සික්සස් තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නිළවශයෙන් නම්කරයි..

2025 හොංකොන්ග් සික්සස් තරඟාවලිය නොවැම්බර් 07,08 සහ 09 දිනවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසුගිය තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණු අතර මෙවර තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නිළවශයෙන් නිවේදනය කර තිබෙනවා.
08 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම්කර තිබෙන අතර නායකත්වය හිමිවී තිබෙන්නේ ලහිරු මදුසංකටයි. පසුගිය වර ශූරතාවය දිනාගත් කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම මෙවරත් සංචිතයට ඇතුළත්ව සිටිනවා. කෙසේවෙතත් පසුගිය තරඟාවලියේ පිතිකරුවෙකු ලෙසින් ඉහළම දස්කම් දැක්වූ සඳුන් වීරක්කොඩි මෙම සංචිතයට ඇතුළත්ව නෑ.
හොංකොන්ග් සික්සස් තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න.
- Lahiru Madusanka (C)
- Dhananjaya Lakshan
- Lahiru Samarakoon
- Thanuka Dabare
- Tharindu Rathnayake
- Nimesh Vimukthi
- Sachitha Jayathilake
- Movin Subasinghe
ශ්‍රී ලංකාව පළමු වටයේදී තරඟ දෙකක් ක්‍රීඩාකිරීමට නියමිත අතර ඒ හොංකොන්ග් කණ්ඩායම සහ බංග්ලාදේශය සමඟයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ කාලසටහන. ( Sri Lanka Fixtures )
- Vs Hongkong China – 07th November | 9.25 A.M
- Vs Bangladesh – 07th November | 12.10 P.M