කුමාර් සංගක්කාරව අභිබවා යමින් විරාත් කෝලිගෙන් තවත් වැදගත් සංධිස්ථානයක්.. -
News

කුමාර් සංගක්කාරව අභිබවා යමින් විරාත් කෝලිගෙන් තවත් වැදගත් සංධිස්ථානයක්..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලයාව අතර අවසන් එක්දින තරඟය අද පැවැත්වුණු අතර කඩුලු 09 ක විශිස්ට ජයක් වාර්තාකිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. ඉන්දියාව වෙනුවෙන් ලකුණු 168 ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනැඟීමට රොහිට් ශර්මා සහ විරාත් කෝලි සමත්වුණු අතර රොහිට් ශර්මා විශිස්ට ශතකයක් වාර්තාකළා. ඊට නෙදෙවෙනි ඉනිමක් දියත්කළ විරාත් කෝලි නොදැවී ලකුණු 74 ක් වාර්තාකළේ සිය 75 ස් වන එක්දින අර්ධ ශතකයද සමඟින්.

මෙම ඉනිමත් සමඟින් එක්දින ජාත්‍යන්තර පිටියේ තවත් වැදගත් සංධිස්ථානයක් පසුකිරීමට කෝලි සමත්වුණා. එදාමෙදාතුර ජාත්‍යන්තර එක්දින පිටියේ ලොව දෙවන වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට විරාත් කෝලි අද සමත්වුණු අතර ඒ ජාත්‍යන්තර එක්දින ලකුණු 14234 කට හිමිකම් කියන හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරව අභිබවායමින්. මේවනවිට විරාත් කෝලි එක්දින ජාත්‍යන්තර ලකුණු 14255 කට හිමිකම් කියන අතර ඔහු දෙවෙනි වන්නේ එක්දින ලකුණු 18426 කට හිමිකම් කියන ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්දුල්කාර්ට පමණයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button