තරඟවල තීරණවලට ඉන්දියාව බලපෑම් කළ බවට ICC තරඟ තීරකවරයෙකුගෙන් හෙළිදරව්ක්.. -
News

තරඟවල තීරණවලට ඉන්දියාව බලපෑම් කළ බවට ICC තරඟ තීරකවරයෙකුගෙන් හෙළිදරව්ක්..

තමා ICC තරඟ තීරකවරයෙකු ලෙස කටයුතු කළ කාලයේදී අඩු පන්දුවාර වේගයක් සම්බන්ධව දඩයකදී සහනයක් ලබාදෙන ලෙස ඉන්දියාව ඉල්ලා සිටි බව හිටපු ICC තීරකවරයෙක් වන ක්‍රිඩ් බ්‍රෝඩ් හෙළිදරව් කර තිබෙනවා.

” The Telegraph ” වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අනාවරණය කළ අතර සිද්ධිය සිදූවූයේ කවදාද යන්න ඔහු හෙළිනොකළ අතර ඉන්දියාව අවශ්‍ය පන්දුවාර අනුපාතයට වඩා පිටුපසින් සිටි තරඟයකදී ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණු බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. තරඟය අවසානයේ ඉන්දියාව පන්දුවාර 03 ක් හෝ 04 ක් පසුපසින් සිටි බැවින් එය දඩයක් ලෙස සැලකෙන බව ඔහු ප්‍රකාශ කර තිබුණා. ” සැහැල්ලු වන්න, යම් කාලයක් සොයාගන්න. මන්ද එය ඉන්දියාව නිසා.. ” යනුවෙන් එම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා ඔහුට ප්‍රකාශ කළ බවත් එම දුරකථන ඇමතුමේ පැවසූ පරිදි ඔහුට කාලයක් සොයාගැනීමට සිදුවූ බව ක්‍රිස් බ්‍රෝඩ් අනාවරණය කර තිබෙනවා. කෙසේවෙතත් දුරකථන ඇමතුම ලැබුණේ හිටපු ඉන්දීය ක්‍රිකට් සභාපති සෞරව් ගංගුලි විසින් බව ඔහු අනාවරණය කර තිබුණු අතර ඊලඟ තරඟයේදීද ඔහුට බලපෑම් එල්ලකළ බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

” ඊලඟ තරඟයේදීත් ඒ දේම සිදුවුණා. සෞරව් ගංගුලි මගේ කිසිම හදිසියකට ඇහුම්කන් දුන්නෙ නෑ. මන් ඇහුවා මට දැන් මොනවද කරන්න ඕනෙ කියලා. ඔහු කිව්වා එතකොට මන් කියන දේ කරන්න කියලා.”යනුවෙන් ප්‍රකාශ කළ බව ක්‍රිස් බ්‍රෝඩ් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ක්‍රිස් බ්‍රෝඩ් 2003 සිට පසුගිය වසරේ පෙබරවාරි දක්වා ICC තරඟ තීරකවරයෙකු ලෙස කටයුතු කළ අතර තරඟ තීරකවරයෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට ඔහු කැමැත්තෙන් සිටියන් ඔහුගේ කොන්ත්‍රාත්තුව ICC ය විසින් අලුත් නොකළ බව මෙහිදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button