පාකිස්තාන සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිත නම්කරයි.. -
News

පාකිස්තාන සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිත නම්කරයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය සහ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් එක්වන තුන්කොන් විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිත නම්කර තිබෙනවා.

සුපුරුදු පරිදි ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් දෙකේම නායකත්වය චරිත් අසලංකට හිමිවී තිබෙනවා. එක්දින කණ්ඩායමේ අවස්තාවක් හිමිවේයැයි බොහෝදෙනා බලාපොරොත්තු තැබූ දිනේශ් චන්දිමාල්ව මෙම සංචිත දෙකටම ඇතුළත් කර නොමැති නමුත් දිගින් දිගටම අසාර්ථක වූ සදීර සමරවික්‍රමව එක්දින සංචිතයට නම්කර තිබීම විශේෂත්වයක්. කමිල් මිශාර, ලහිරු උදාර සහ පවන් රත්නායකටත් එක්දින කණ්ඩායමේ අවස්තාව හිමිවී තිබෙන අතර ප්‍රමෝද් මදුශාන් සහ එශාන් මාලිංගටත් නැවතත් එක්දින සංචිතයේ ඉඩ වෙන්වී තිබෙනවා.

නිමාවූ ආසියානු කුසලානයට එක්වූ ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් කිහිපයක් සිදුකරමින් තුන්කොන් විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙන අතර භානුක රාජපක්ෂව නැවතත් කණ්ඩායමට කැඳවා තිබෙනවා. මතීශ පතිරණ, චාමික කරුණාරත්න, නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ සහ බිනුර ප්‍රනාන්දු කණ්ඩායමෙන් ඉවත්කර ඇති අතර අසිත ප්‍රනාන්දු, දුශාන් හේමන්ත සහ එශාන් මාලිංගවද නැවතත් විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙනවා.

පාකිස්තාන සංචාරයට නම්කළ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිත මෙන්න.

Sri Lanka ODI SquadSri Lanka T20I Squad
• Charith Asalanka (C)
• Pathum Nissanka
• Kusal Mendis
• Kamindu Mendis
• Kamil Mishara
• Janith Liyanage
• Sadeera Samarawickrama
• Lahiru Udara
• Pawan Rathnayake
• Wanindu Hasaranga
• Asitha Fernando
• Dushmantha Chameera
• Eshan Malinga
• Pramod Madushan
• Maheesh Theekshana
• Jeffrey Vandersay
• Charith Asalanka (C)
• Pathum Nissanka
• Kusal Mendis
• Kusal Perera
• Janith Liyanage
• Bhanuka Rajapaksa
• Dasun Shanaka (VC)
• Kamindu Mendis
• Kamil Mishara
• Wanindu Hasaranga
• Maheesh Theekshana
• Asitha Fernando
• Dushmantha Chameera
• Nuwan Thushara
• Eshan Malinga
• Dushan Hemantha

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button