2026 IPL තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙක් කණ්ඩායම් රඳවාගනියි..

2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එවන් පසුබිමක අයි.පී.එල් කණ්ඩායම් විසින් වෙන්දේසිය සඳහා මුදාහරින ක්‍රීඩකයින් සහ කණ්ඩායම් තුළ රඳවාගන්නා ක්‍රීඩකයින් IPL කණ්ඩායම් විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව පසුගිය IPL තරඟාවලිය ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් සිව්දෙනෙක් කණ්ඩායම් තුළ රඳවාගෙන තිබෙන අතර තවත් ක්‍රීඩකයින් සිව්දෙනෙක් කණ්ඩායම් තුළින් මුදාහර තිබෙනවා. ඒ අනුව සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් එශාන් මාලිංගව සහ කමිඳු මෙන්ඩිස්ව රඳවාගෙන තිබෙන අතර දුශ්මන්ත චමීරව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් සහ නුවන් තුශාරව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් රඳවාගෙන තිබෙනවා.
දීර්ඝ කාලයක් පුරාවට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ මතීශ පතිරණව මෙවර කණ්ඩායමෙන් මුදාහළ තිබෙනවා. එලෙසම රාජස්තාන් රෝය්ල්ස් කණ්ඩායම නියෝජනය කළ වනිඳු හසරංගව සහ මහීශ් තීක්ශණව මෙවර සිය කණ්ඩායමෙන් මුදාහර තිබෙන අතර දසුන් ශානකවද ගුජරාට් ටයිටන්ස් කන්ඩායමෙන් ඉවත් කර තිබෙනවා. පසුගිය වර ආදේශක ක්‍රීඩකයෙක් ලෙසින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළ කුසල් මෙන්ඩිස්වද කණ්ඩායමෙන් ඉවත්කර තිබෙනවා.
කණ්ඩායම රඳාවගත් සහ මුදාහළ ක්‍රීඩකයින් මෙන්න.
- Kamindu Mendis ✔️ Retained ( SRH )
- Eshan Malinga ✔️ Retained ( SRH )
- Nuwan Thushara ✔️ Retained ( RCB )
- Dushmantha Chameera ✔️ Retained ( DC )
- Matheesha Pathirana ❌ Released ( CSK )
- Wanindu Hasaranga ❌ Released ( RR )
- Maheesh Theekshana ❌ Released ( RR )
- Dasun Shanaka ❌ Released ( GT )
- Kusal Mendis ❌ Released ( GT )

