News
පාකිස්තානය සමඟ තෙවන එක්දින තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියේ අවසන් තරඟය අද පැවැත්වෙන අතර තරඟයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුටම වෛරස් උණ රෝගයක් වැළදී ඇති බව වාර්තාවෙනවා.
නායක චරිත් අසලංකටද උණ රෝගය වැළදී ඇති අතර වනිඳු හසරංගද කලවා ආශ්‍රිත ආබාධයකට ලක්ව ඇති බවට වාර්තාවෙනවා. චරිත් අසලංකට අද පැවැත්වෙන තරඟය ක්‍රීඩාකිරීමට යෝග්‍ය නොවන්නේ නම් කුසල් මෙන්ඩිස් හට කණ්ඩායමේ නායකත්වය හිමිවීමට ඉඩ ඇති බව වාර්තාවෙනවා.

