විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය නැවතත් දසුන් ශානකට. -
News

විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය නැවතත් දසුන් ශානකට.

නොවැම්බර් මස 18 වන දින සිට 29 දින දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව පකිස්ථානය හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තුන්කොන් විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවී ඇති බවට වාර්තා වෙනවා.

ඒ, වත්මන් එක්දින හා විස්සයි විස්ස නායක චරිත් අසලංක උණ රෝගයෙන් පෙළෙන නිසාවෙනි. ඒ හේතුවෙන් ඔහුට පකිස්ථානය සමඟින් පැවතී තුන්වන එක්දින තරඟය ද ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, එම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙහෙය වීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට ලැබුණා.

ඒ අනුව, මෙම විස්සයි විස්ස තුන්කොන් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවන අතර, තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය නොවැම්බර් 20 සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button