තුන්කොන් තරඟාවලියේදී ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ වෙනස්කම් දෙකක්.. -
News

තුන්කොන් තරඟාවලියේදී ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ වෙනස්කම් දෙකක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරඟාවලිය නොවැම්බර් 18 වනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟාවලිය වෙනුවෙන් නම්කළ ශ්‍රී ලංකා සංචිතය වෙනස්කම් දෙකක් සිදුවී තිබෙනවා. ඒ, වත්මන් එක්දින හා විස්සයි විස්ස නායක චරිත් අසලංක උණ රෝගයෙන් පෙළෙන නිසා නැවතත් දිවයිනට පැමිණීම හේතුවෙන්. එම නිසා ඔහුට පකිස්තානය සමඟින් පැවති තුන්වන එක්දින තරඟය ද ක්‍රීඩා කිරීමට නොහැකිවුණා. ඒ අනුව, මෙම විස්සයි විස්ස තුන්කොන් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවන අතර, තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය නොවැම්බර් 20 සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

ඒ අනුව චරිත් අසලංකට ආදේශකයක් ලෙස යොවුන් පිතිකරු පවන් රත්නායකව විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙනවා. එලෙසම ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංගටද තුන්කොන් තරඟාවලිය අහිමිවන අතර ඔහු වෙනුවට මේ දිනවල නැඟීඑන ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කරමින් සිටින යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත්ව ශ්‍රී ලංකා ජාතික විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙනවා.

වෙනස්කම් වලින් පසු ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය මෙන්න. 👇

  • Dasun Shanaka (C)
  • Pathum Nissanka
  • Kusal Mendis
  • Kusal Perera
  • Janith Liyanage
  • Bhanuka Rajapaksa
  • Kamindu Mendis
  • Kamil Mishara
  • Pavan Rathnayake
  • Maheesh Theekshana
  • Asitha Fernando
  • Dushmantha Chameera
  • Nuwan Thushara
  • Eshan Malinga
  • Dushan Hemantha
  • Vijayakanth Viyaskanth

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button