ශ්‍රී ලංකා, සිම්බාබ්වේ, පාකිස්තාන තුන්කොන් ක්‍රිකට් ගැටුම සජීවීව නැරඹිය හැකි ආකාර..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරඟාවලිය නොවැම්බර් 18 වනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරඟාවලියේ නිළ දේශීය විකාශණ අයිතිය සුප්‍රීම් TV නාලිකාව විසින් ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට සුප්‍රීම් TV නාලිකාව ඔස්සේ තරඟාවලිය නැරඹීමට හැකියාව පවතිනවා.
Dialog TV පාරිභෝගිකයන්ට ThePapare 1 (62) සහ ThePapare 1 HD (126) නාලිකා ඔස්සේ තරඟාවලිය සජීවීව නැරඹිය හැකි අතර Peo TV පාරිභෝගිකයන්ට Peo Sports 1 නාලිකාව ඔස්සේ තරඟාවලිය සජීවීව නැරඹීමේ හැකියාව පවතිනවා.
ඩිජිටල් මාධ්‍ය ඔස්සේ www.sandbrix.com වෙබ්අඩවිය සහ ThePapare.com වෙබ්අඩවිය හරහා තරඟාවලිය සජීවීව නැරඹිය හැකි අතර Dialog VIU+ App එක සහ Peo Mobile App එක හරහාද තරඟාවලිය නැරඹිය හැකියි.
එලෙසම Sportylk youTube නාලිකාව ඔස්සේද තරඟාවලිය සජීවීව නැරඹිය හැකි අතර Sports Center YouTube නාලිකාව හරහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තරඟාවලිය නැරඹීමේ අවස්තාව පවතිනවා.
තරඟ කාල සටහන මෙන්න.👇
🏏 PAK vs ZIM- Nov 18 @ 7.30 P.M.
🏏 SL vs ZIM – Nov 20 @ 7.30 P.M.
🏏 SL vs PAK Nov 22 @ 7.30 P.M.
🏏 PAK vs ZIM – Nov 23 @ 7.30 P.M.
🏏 SL vs ZIM – Nov 25 @ 7.30 P.M.
🏏 SL vs PAK – Nov 27 @ 7.30 P.M.
🏏 FINAL – Nov 29 @ 7.30 P.M.

