චාමික කරුණාරත්නට නඩු. කාන්තාවකට ළමයෙක් දීලා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට බරපතල චෝදනවක් එල්ල කරමින් අද දින උසාවිය වෙත පැමිණී කාන්තාවක් විසින් මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබෙනවා.
චාමිකගෙන් එම කාන්තාවට ළමයෙක් ලැබී ඇති අතර, චාමික එම කාන්තාව මඟ හරින බවටයි ඇය චෝදනා කරන්නේ.
එම කාන්තාව දැක්වූ අදහස,
“චාමික කරුණාරත්න තමයි බබාගේ තාත්තා. එයාගේ වගකීම් පැහැරහරින නිසා මම උසාවියට ඇවිත් පීතෲත්වය තහවුරු කරන නඩුවක් දාලා තියෙන්නේ. චාමික අද නඩුවට ආවෙත් නැහැ. මම Pregnant වෙලා ඉද්දිත් ළමා හා කාන්තා කාර්යංශයේදීත් ඔහු මාව දවස් කිහිපයක්ම මාව රස්තියාදු කළා. දැන් මගේ බබාට මාස දෙකයි.
මේ ළමයා ලංකාවේ ජීවත්වෙන්න ඕනේ. චාමික කරුණාරත්න කියනවා මේ බබාට එයාගේ නම දෙන්න බැහැ කියලා. ඔහු මේ ළමයාගේ පියා කියලා මම දන්න නිසා තමයි DNA test එකක් කරන්න නඩුවක් දාලා තියෙන්නේ. මම ඉල්ලන්නේ පුරුෂයෙක් වශයෙන් ඔහුගේ වගකීම ඉටු කරන්න කියලා.”
වීඩියෝ එක මෙන්න.
