News
2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ කාලසටහන නිවේදනය කරයි..

කණ්ඩායම් 20 කගේ සහභාගීත්වයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ තරඟ කාලසටහන සහ කණ්ඩායම් තරඟ වදින කාණ්ඩ නිළවශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබාතිබෙන කණ්ඩායම් 20, කාණ්ඩා 04 ක් යටතේ ක්‍රීඩාකිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරඟ වදිනවා.
| Group A | Group B | Group C | Group D |
| India 🇮🇳 | Sri Lanka 🇱🇰 | England 🏴 | New Zealand 🇳🇿 |
| Pakistan 🇵🇰 | Australia 🇦🇺 | West Indies 🌴 | South Africa 🇿🇦 |
| USA 🇺🇸 | Ireland 🇮🇪 | Bangladesh 🇧🇩 | Afghanistan 🇦🇫 |
| Netherlands 🇳🇱 | Zimbabwe 🇿🇼 | Nepal 🇳🇵 | Canada 🇨🇦 |
| Namibia 🇳🇦 | Oman 🇴🇲 | Italy 🇮🇹 | UAE 🇦🇪 |
ලෝක කුසලාන තරඟාවලිය පෙබරවාරි 07 වනදා ආරම්භ වන අතර අවසන් මහා තරඟය මාර්තු 08 වනදා පැවැත්වීමට නියමිතයි. තරඟාවලියේ බොහෝදෙනාගේ අවධානය දිනාගත් තරඟය වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය පෙබරවාරි 15 ස් වනදා කොළඹදී පැවැත්වීමට නියමිතයි. පෙබරවාරි 08 වනදා අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට තරඟ බිමට එක්වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික වටයේ තරඟ කාලසටහන මෙන්න.
- SL vs IRE – Feb 8 at RPICS, Colombo 🏟️
- SL vs OMAN – Feb 12 at PICS, Kandy 🏟️
- SL vs AUS – Feb 16 at PICS, Kandy 🏟️
- SL vs ZIM – Feb 19 at RPICS, Colombo 🏟️

