News
පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කරයි..

ජනවාරි 7,9,11 දිනවලදී සංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කර තිබෙනවා.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්. පසුගිය තරඟාවලියට එක්වූ කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදුකරමින් මෙම සංචිතය නම්කර ඇති අතර කලකට පසුව දනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්. පවන් රත්නායක, භානුක රාජපක්ෂ, විජයකාන්ත් වියස්කාන්ත් සහ අසිත ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්තානය අහිමිවී ඇති අතර චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, මතීශ පතිරණ නැවතත් කණ්ඩායමට කැඳවා තිබෙනවා. එමෙන්ම යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක ට්‍රැවීන් මැතිව් පළමුවරට කණ්ඩායමට කැඳවා තිබීමද විශේෂත්වයක්.
පාකිස්තානයට එරෙහිව නම්කළ ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය
- Dasun Shanaka (C)
- Pathum Nissanka
- Kamil Mishara
- Kusal Mendis
- Kusal Janith Perera
- Dhananjaya De Silva
- Charith Asalanka
- Janith Liyanage
- Kamindu Mendis
- Wanindu Hasaranga
- Dunith Wellalage
- Maheesh Theekshana
- Dushan Hemantha
- Traveen Mathew
- Dushmantha Chameera
- Matheesha Pathirana
- Nuwan Thushara
- Eshan Malinga
