Conference
වනිඳුගේ ස්පෙෂල් සෙලිබ්‍රේශන් එකට හේතුව වනිඳු කියයි.

පකිස්ථානය සමඟින් පැවතී තුන්වන විස්සයි විස්ස තරඟයට වර්ෂාවෙන් බාධා පැමිනීම හේතුවෙන් පන්දුවාර 12කට සීමා වූ අතර, ශ්‍රී ලංකාව එම තරඟයෙන් ලකුණු 14ක ජයක් වාර්තාකර ගැනීමට සමත්වුණා.
තරඟයෙන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවේදී, ෂඩාබ් කාන් දැවීගිය අවස්ථාවේ වනිඳු හසරංග ස්පෙශල් සෙලිබ්‍රේශන් එකක් කරපු එක සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ අතර එයට වනිඳු හසරංග සිනහමුසු මුහුණෙන් පිළිතුරු දුන්නා.
මාධ්‍යවේදියා – එය ලෙග් ස්පිනර් කෙනෙක් ලෙග් ස්පිනර් කෙනෙක්ව OUT කරපු නිසාද නැත්නම් මේක මගේ රට කියලා පෙන්වන්නද ඒ ස්පෙශල් සෙලිබ්‍රේශන් එක කළේ.
වනිඳු හසරංග – නෑ නෑ… එයා කලින් බෝලේ මට හයක් ගැහුවා. ඒ නිසා ඒ වෙලාවේ මට ආපු දේ තමයි කළේ.


