මෙවර ලෝක කුසලාන තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර මෙන්න. -
News

මෙවර ලෝක කුසලාන තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර මෙන්න.

පෙබරවාරි 7 වන දින සිට මාර්තු 8 වන දක්වා පැවැත්වෙන 10 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර නිවේදනය කර තිබෙනවා.

මෙවර සම්පූර්ණ ලෝක කුසලාන තරඟාවලියම Supreme TV ඔස්සේ විකාශනය කරනු ලබන අතර, Dialog TV ඔස්සේ Star Sports 1 (Channel No. 68) හා Star Sports 1 HD (Channel No. 120) මඟින් තරඟාවලිය නැරඹිය හැකියි.

ඊට අමතර, The Papare 1 – Ch no.62. නාළිකාව ඔස්සේ ද තරඟාවලිය නැරඹිය හැකියි.

PEO TV පාරිභෝගිකයන්ට නැරඹිය හැකි නාළිකා වන්නේ,
Star Sports 1 – Ch no.41
Star Sports 1 HD – Ch no.315

ඊට අමතරව, Dialog Play’ App හා ‘ThePapare’ Website එක හරහා ද තරඟාවලිය නැරඹීමට හැකියි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button