වාර්තා රැසක් අලුත් කරමින් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්. -
Records

වාර්තා රැසක් අලුත් කරමින් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්.

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ 16 වන තරඟය ලෙස, අද පැවතී ශ්‍රී ලංකාව හා ඕමානය අතර තරඟයෙන් ලකුණු 105ක විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 225ක් ලබාගැනිමට සමත්වුණා. එය මෙවර ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

අද තරඟයේදී දසුන් ශානක පන්දු 19කින් වේගවත් අර්ධ ශතකයක් වාර්තා කළ අතර, එය T20 ලෝක කුසලාන තරඟාවලි වලදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් වාර්තාකළ වේගවත්ම අර්ධ ශතකයයි. මීට පෙර මහේල ජයවර්ධන, 2007 දී කෙන්නයාවට එරෙහිව පන්දු 21කින් අර්ධ ශතකයක් වාර්තා කර තිබුණා.

ඊට අමතරව,

දසුන් ශානක ඔහුගේම වාර්තාවක් අලුත් කළේ, ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ වලදී ශ්‍රී ලාංකිකයෙක් වාර්තා වේගවත්ම අර්ධ ශතකය අලුත් කරමින්. මීට පෙර ඔහුම පන්දු 20කින් ඉන්දියාවට එරෙහිව අර්ධ ශතකයක් වාර්තාකරගෙන තිබුණා.

අද තරඟයේදී පවන් රත්නායකද වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ අතර, ඔහු පන්දු 24කදී අර්ධ ශතකයක් ලබාගැනිමට සමත්වුණා. එය T20 ලෝක කුසලාන තරඟාවලියකදී ශ්‍රී ලාංකිකයෙක් වාර්තාකළ 3 වෙනියට වේගවත්ම අර්ධ ශතකයයි.

තවද, දසුන් ශානක T20 ලෝක කුසලාන තරඟාවලි වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකයෙක් ලෙස වැඩිම තරඟ සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ නායකයා බවට පත්වීමට ද සමත්වුණා. ඒ තරඟ 11ක් ජයග්‍රහණ කරමින්. මීට පෙර එම වාර්තාව සතු වූයේ තරඟ 10ක් ජයග්‍රහණ කළ කුමාර් සංගක්කාරටයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button