නායක දසුන් ශානක රජයෙන් සහය ඉල්ලයි.

Super 8 වටයේ දෙවන තරඟයත් අන්තපරාජයක් අත්කර ගැනීමත් සමඟින් ශ්‍රී ලංකාව මේවර ලෝක කුසලානයෙන් ඉවතට විසිවුණා.
තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසූවේ ප්‍රේක්ශකයින් හා මාධ්‍ය විසින් නෙගටිව් දේවල් ප්‍රමෝට් කිරීම හේතුවෙන් ක්‍රීඩකයින්ගේ මානසිකව කඩා වැටී ඇති බවයි.
“ගොඩක් වෙලාවට අපිටත් අහන්න දකින්න තියෙන්නෙ නෙගටිව් දේවල්. ක්‍රීඅකයින් විදිහට අපි කොච්චර පොසිටිව් හිටියත්, නෙගටිව් environment එකක් එලියෙන් හදලා තියෙනවා. ඒක ලොකු පාඩුවක් ලංකාවේ ක්‍රිකට් වලට. මොකද මේක විතරයි ක්‍රීඩාවකට තියෙන්නේ. මමනම් හිතන්නෑ මේකත් රැකගන්න පුලුවන් වේවි කියලා.
මැච් එකක් ඉවර වුණාම ප්‍රේක්ශකයින් කීදෙනෙක්ට මයික් අල්ලනවද. මෙච්චර Negativity එක පතුවරන්නේ ඇයි.
අපි ක්‍රීඩා කරලා යයි, ඉදිරියේදි එන ක්‍රීඩකයින්ට සපෝර්ට් එකක් විදිහටවත් ශ්‍රී ලංකා රජයෙන් හරි මේක නැවැත්වුවහොත් අපේ මානසික සුවයට පහසුවක් වේවි කියලා මම විශ්වාස කරනවා.”
වීඩියො එක මෙන්න.

