News
සෙමිෆයිනල් සඳහා සහභාගී වන්න ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක්…?

ශ්‍රී ලංකාව මූලික වටයේ තරඟ 4න් 3ක් ජයග්‍රහණය කරමින් සුපිරි 8 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම, එහිදී තරඟ තුනම පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායමට සෙමි ෆයිනල් යාම සඳහා එකම එක අවස්ථාවක් තිබෙනවා. ඉන්දියවේ පැවැත්වෙන සෙමි ෆයිනල් තරඟය දෙක සඳහා ටිකට් පත් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් හට සෙමි ෆයිනල් තරඟ දෙකම නැරඹීමට සහභාගී විය හැකියි.
2014න් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම, කණ්ඩායමක් වශයෙන් සෙමි ෆයිනල් තරඟයක් නැරඹීමටවත් සහභාගි නොවීම හේතුවෙන්, මෙවර කණ්ඩායමක් වශයෙන් සහභාගි වී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ව සතුටු කිරීමට හැකියාව තිබෙනවා.
සෙමි ෆයිනල් තරඟ දෙකේ ක්‍රීඩා කරන කණ්ඩායම් කවුරුන්ද යන්න කිව හැක්කේ අද පැවැත්වෙන සිම්බාබ්වේ – දකුණු අප්‍රිකා හා ඉන්දියා – බටහිර ඉන්දීය කොදෙව් අතර තරඟ දෙකෙන් පසුවයි.

