ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය, අතුරු පාලක කමිටුවකට ?.. -
News

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය, අතුරු පාලක කමිටුවකට ?..

හැකි ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ බලයලත් නිලධාරියෙකු හට පැවරීම පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ මේ වනවිටත් සාකච්ඡා කරමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කරතිබෙනවා.

ජනාධිපතිවරයා ද මෙම සාකච්ඡා සඳහා සෘජුව මැදිහත් වී ඇති බව විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර තිබෙනවා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා අනිවාර්යයෙන්ම රජයක් ලෙස මැදිහත් වන බවත්, එහි වගකීම වෙනත් අයට භාරදිය නොහැකි බවත්, එය රජයේ වගකීමක් බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button