මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට එක්වූ කණ්ඩායම් වලට හිමිවන මුදල් ත්‍යාග නිවේදනය කරයි..

කණ්ඩායම් 20 කගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශූරතාවය හිමිකරගැනීමට සත්කාරක ඉන්දියාව සමත්වූ අතර අනුශූරතාවය නවසීලන්තයට හිමිවුණා. මෙවර ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම් වලට හිමිවන මුදල් ත්‍යාගයන් ICC ය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක ශූර ඉන්දියාවට ඇමෙරිකානු ඩොලර් 2,639,423 ක මුදල් ත්‍යාගයක් හිමිව තිබෙන අතර එය ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 818 කට ආසන්නයි. අනුශූරතාවය දිනාගත් නවසීලන්තයට ඇමෙරිකානු ඩොලර් 1,422,692 ක් හිමිවන අතර එය ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 441 කට ආසන්නයි.
අවසන් පූර්ව වටයට පිවිසි දකුණු අප්‍රිකාව සහ එංගලන්තයටත් දැවැන්ත මුදල් ත්‍යාගයක් හිමිව තිබෙන අතර සුපිරි 08 වටයට පිවිසි සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමටත් ඇමෙරිකානු ඩොලර් 475,962 ක මුදල් ත්‍යාගයක් හිමිවන අතර එය ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 148 කට ආසන්න අඟයක්.
මෙවර ලෝක කුසලානයට එක්වූ කණ්ඩායම් සියල්ලට එක්වන මුදල් ත්‍යාගයන්. Prize money distribution (US$):
- India – $2,639,423
- New Zealand – $1,422,692
- South Africa – $1,005,577
- England – $974,423
- West Indies – $538,269
- Pakistan – $522,692
- Zimbabwe – $491,538
- Sri Lanka – $475,962
- Afghanistan – $309,808
- Australia – $309,808
- USA – $309,808
- Scotland – $278,654
- Ireland – $271,731
- Italy – $256,154
- Netherlands – $256,154
- UAE – $256,154
- Nepal – $256,154
- Canada – $225,000
- Namibia – $225,000
- Oman – $225,000

