වනිඳු හසරංගට එරෙහිව විනය පරීක්ශණයක් ?.. -
News

වනිඳු හසරංගට එරෙහිව විනය පරීක්ශණයක් ?..

ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් උසස් තාක්ෂණික මධ්‍යස්ථානයේ ප්‍රධානියා වෙත දැනුම් දී ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත වී සිටින සියලුම ක්‍රීඩකයන් සඳහා පවත්වනු ලබන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය, වනිඳු හසරංග විසින් හේතු නොදක්වා අවස්ථා 03 කදී මඟහරිමින් උසස් තාක්ෂණික මධ්‍යස්ථානය තුළ පුහුණුවීම් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමඟයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කර ඇත්තේ ගිවිසුම්ගත සියලුම ක්‍රීඩකයින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී වියයුතු බවත් එම පරීක්ෂණයෙන් සමත්වන ක්‍රීඩකයින්ට පමණක් දේශීය තරඟ සහ විදෙස් ලීග් තරග සඳහා සහභාගී වීමට නිල අවසරය (NOC) ලබා දෙන බවයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button