News
යොවුන් නිළි හර්ශි, හදිස්සියේම Live එයි. ක්‍රීඩකයාගේ සම්පූර්ණ නමත් කියයි.

ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රන් මාලයක්, ඔහුගේ අවසරයකින් තොරව උකස් කර මුදල් ලබාගැනීම හේතුවෙන්, යොවුන් නිළි හර්ශි රසංගා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබෙනවා.
මේ පුවතත් සමඟින්, සමාජ මාධ්‍යයේ හර්ශි රසංගාගේ නමට හානියක් වන පරිදි බොහෝ දෙනා විවිධ අදහස් දක්වා තිබීම හේතුවෙන්, ඇය මීට සුළු මොහොතකට පෙර මේ සම්බන්ධයෙන් වීඩියෝවක් සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ, මෙම මාලය ඇය කාගෙන්වත් හොරෙන් ලබාගත් දෙයක් නොවන බවත් භාණුක රාජපක්ෂ ඔහුගේ අත් දෙකෙන්ම තමාගේ කරට දැමූ මාලයක් බවටයි. මේ සම්බන්ධයෙන් තවමත් නීතිමය කටයුතු සිදුවන බැවින් ඇය වැඩි විස්තරයක් නොපවසන බවට ප්‍රකාශ කළ අතර, ඉදිරියෙදී සම්පූර්ණ විස්තරය ඇය ජනතාවට දැනුවත් කරන බවට ප්‍රකාශ කළා.

