ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර නඩු මඟට.. -
News

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර නඩු මඟට..

2026.03.31 දිනෙන් තමා හා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇති කොන්ත්‍රාත් ගිවිසුම් අවසන් වී ඇති බැවින් මින් ඉදිරියට තමන් ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අදහසක් නොමැති බවත් තමන් මීළඟ වසරේ කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා ඇතුලත් කර නොගන්නා ලෙස දැනටමත් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බැවිනුත්, මේ වනවිට පැවැත්වෙන IPL තරඟාවලිය සඳහා සහභාගී වීමට විරෝධයක් නොමැති බවට ( NOC ) සහතිකය නිකුත් කරන ලෙසට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නුවන් තුශාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව නඩුව අද (02) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර කරුණු සලකා බැලීම සඳහා නඩුව අප්‍රේල් 09 දා නැවත කැඳවීමට දින නියම කර තිබෙනවා. එමෙන්ම වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත්කරන ලෙසද නියෝග කර තිබෙනවා. මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිළධාරි ඈෂ්ලි ද සිල්වා නම්කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button