මංගල තරඟයේ වියස්කාන්ත්ගෙන් සාර්ථක පන්දුයැවීමක්. -
ILT2OLeague

මංගල තරඟයේ වියස්කාන්ත්ගෙන් සාර්ථක පන්දුයැවීමක්.

ඉන්ටර්නැෂනල් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ තවත් තරඟයක් MI එමිරෙට්ස් කණ්ඩායම සහ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා.

එහිදී පළමුව පන්දුවට පහරදුන් ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 කට ලකුණු 158 ක් රැස්කළා. එහිදී ජෙම්ස් වින්ස් අර්ධ ශතකයක් රැස්කළ අතර තරඟාවලියේ සිය පළමු තරඟය ක්‍රීඩාකළ ශ්‍රී ලංකාවේ විජයකාන්ත් වියස්කාන්ත් සාර්ථක පන්දුයැවීමක නිරතවෙමින් ලකුණු 18 කට එක් කඩුල්ලක් බිඳදැමුවා.

ලකුණු 159 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි MI එමිරෙට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවුණේ ලකුණු 153 ක් පමණයි. ඒ අනුව ලකුණු 05 ක තියුණු ජයක් වාර්තා කිරීමට ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම සමත්වුණා.

MI එමිරෙට්ස් ඉනිම වෙනුවෙන් නැවතත් සාර්ථක පිතිහරඹයක නිරතවෙමින් පන්දු 25 ක් තුළ ලකුණු 34 ක් ලබාගැනීමට කුසල් ජනිත් පෙරේරා සමත්වුණා. මෙම ඉනිමත් සමඟින් මෙවර ILT20 තරඟාවලියේ මෙතෙක් වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට කුසල්ට හැකිවුණා. ඒ ලකුණු 261 ක් ලබාසිටින නිකලස් පූරන් අභිබවා යමින්.

වියස්කාන්ත් දවාගත් කඩුල්ල ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button