නුවර කණ්ඩායමට එරෙහිව කමිඳු මෙන්ඩිස්ගෙන් විශිෂ්ඨ ඉනිම් දෙකක්. -
Domestic

නුවර කණ්ඩායමට එරෙහිව කමිඳු මෙන්ඩිස්ගෙන් විශිෂ්ඨ ඉනිම් දෙකක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන 2024 නැශනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරඟාවලියේ දඹුල්ල කණ්ඩායම නුවර කණ්ඩායම අතර පැවැති තරඟයේදී විශිෂ්ට ඉනිම් ද්විත්වයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් සමත්වුනා.

එහිදී ඔහු පළමු ඉනිමේ ලකුණු 73 ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 172 ක් රැස්කළේ කැපීපෙනෙන දස්කම් දක්වමින්.

පසුගිය කාලය පුරාවටම දේශීය පිටියේ විශිෂ්ට දස්කම් දැක්වීමට කමිඳු මෙන්ඩිස් සමත්වුනත් ඔහුට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩාකිරීමට අවස්තාවක් නොලැබීම විශේෂත්වයක්. මේ වන විට ඔහුගේ පළමුපෙළ පිතිකරණ සාමාන්‍ය 61.24 ක් වැනි ඉහළ අඟයකද පවතිනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button