ප්‍රතික්ශේප වීම හොඳම අභිප්‍රේරණය කරගත් ශශාන්ක් සිං.. -
Fan talk

ප්‍රතික්ශේප වීම හොඳම අභිප්‍රේරණය කරගත් ශශාන්ක් සිං..

මෙවර තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වෙමින් අවස්තා කිහිපයකදීම පන්ජාබ් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් වටිනා ඉනිම් කිහිපයක්ම රැස්කළ ශශාන්ක් සිං පිළිබඳව රසිකයෙකු සමාජ මාධ්‍ය තුළ මෙලෙස සටහනක් තබාතිබුණා.

( උපුටා ගැනීම – Sports With Esala )

ශෂාන්ක් සිං කියන මේ කොල්ලව ප්‍රීති සින්ටලා IPL Auction එකේදී ගත්තේ වෙන ශෂාන්ක් සිං කෙනෙක් කියලා හිතලා වැරදිලා. වැරදුණා කියලා දැනගත්තම Punjab Kingsලා, මේ කොල්ලව එපා කියලත් කියනවා. එදා ඔක්ෂන් එක කරපු Auctioneer ‘ගත්තා නම් ගත්තා’ කියලා තදින්ම කියපු නිසා අකමැත්තෙන් උණත් ශෂාන්ක්ව තියාගන්න පංජාබ්ලට සිද්ධ වුණා. වැඩේ එළියට ගිහිල්ලා නෝන්ඩි හින්දා Tweet එකක් දාලා මෙයාවත් ගන්න තමයි අපි හිටියේ කියලා සායම බේරගත්තට, ඇත්තටම පංජාබ්ලගේ සායම මේ කොල්ලා බේරයි කියලා උං හිතන්නැතුව ඇති !

මේ පාර සීසන් එකේ ඉනිම 9ට කොල්ලා ලකුණු 263ක් ගහනවා. ඇවරේජ් 65ක තියාගෙන. ඒ විතරක් නෙමෙයි 200+ චේස් කීපයකම (දෙකක වගේ) ෆිනිශර් වෙන්නත් මුට පුලුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි අච්චර යටින් ඇවිල්ලා ගහලත් පංජාබ්ලා වෙනුවෙන් සීසන් එකේ වැඩිම ලකුණු ගහන්නෙත් මෙයාමයි !

කොල්ලා වැඩ පෙන්නුවට පස්සේ ප්‍රීති සින්ටා කිව්වා වගේ වෙන එකෙක් නම් ඔක්ෂන් එකේ වැරදිලා ගත්තේ කිව්වම අවුල් යනවා, මානසිකව වැටෙනවා. හැබැයි මූ ඒකෙන් මොරාල් අරං ආච්චි වැහිලා වගේ ගහනවා. ජීවිතයේ වැරදීම් කියලා දෙයක් නෑ, ඒ එන්නේ අවස්තාවක්. ඒකෙන් ප්‍රයෝජන ගන්න, ශෂාන්ක් වගේ අපිත් දැනගන්න ඕනි !

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button