අවිශ්ක, දික්වැල්ල සහ කුසල්ගෙන් විශිෂ්ට දස්කම්.. -
Domestic

අවිශ්ක, දික්වැල්ල සහ කුසල්ගෙන් විශිෂ්ට දස්කම්..

විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියේ පස්වන තරඟය SLC Reds සහ SLC Greens කණ්ඩායම් අතර අද පැවැත්වුණා. එහීදී Greens කණ්ඩායම පරදා ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට Reds කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් Reds කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 කට ලකුණු 212 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු යුගල වූ නිරෝශන් දික්වැල්ල පන්දු 32 කින් ලකුණු 69 ක් සහ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 30 කින් ලකුණු 52 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ Greens කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 174 ක් පමණයි. ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ග්‍රීන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 30 කින් ලකුණු 57 ක් රැස්කළ අතර රමේශ් මෙන්ඩිස් පන්දු 31 කින් ලකුණු 46 ක් රැස්කළා.

තරඟාවලියේ අවසන් තරඟය හෙට (11) SLC Yellow කණ්ඩායම සහ SLC Greens කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button