පාකිස්තානය පරදවමින් ඇමෙරිකාවට ඓතිහාසික ජයක්.. -
Video

පාකිස්තානය පරදවමින් ඇමෙරිකාවට ඓතිහාසික ජයක්..

( වීඩියෝව පහතින් )
2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ පාකිස්තානය අතර තරඟය ඊයේ පැවැත්වුණු අතර දෙරටම ජාත්‍යන්තර පිටියේ එකට මුණගැසුණු පළමු අවස්තාව එය වුණා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 කට ලකුණු 159 ක් රැස්කළ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බාබර් අසාම් ලකුණු 44 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමද පන්දුවාර 20 අවසානයේ ලකුණු 159 ක් ලබාගනිමින් තරඟය සමකිරීමට සමත්වුණේ තරඟයේ තීරණය සුපිරි පන්දුවාරයක් වෙත රැගෙන යමින්. ඇමෙරිකාව වෙනුවෙන් සටන්කාමී අර්ධ ශතකයක් 50(38) රැස්කිරීමට නායක මොනාන්ක් පටෙල් සමත්වූ අතර අවසන් පන්දුවාර කිහිපයේදී ඇමෙරිකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය ආරොන් ජෝන්ස් පන්දු 26 කින් නොදැවී ලකුණු 36 ක් රැස්කළා.

මොහොමඩ් අමීර් යොමුකළ සුපිරි පන්දුවාරයේදී ලකුණු 18 ක් රැස්කිරීමට USA පිතිකරුවන් දෙදෙනා සමත්වුණා.

සව්රව් නෙත්‍රවල්කාර් යොමුකළ සුපිරි පන්දුවාරයේදී පාකිස්තානයට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 13 ක් පමණයි. ඒ අනුව සුපිරි පන්දුවාරය ජයග්‍රහණය කරමින් ඓතිහාසික ජයග්‍රාහණයක් වාර්තා කිරීමට ඇමෙරිකා කණ්ඩායම සමත්වුණා. මෙය ඔවුන් මෙවර තරඟාවලියේ අඛණ්ඩඩ වාර්තා කළ දෙවන ජයද වෙනවා.

සුපිරි පන්දුවාරයේදී ඇමෙරිකාව ජයගෙන ආ සව්රව් නෙත්‍රවල්කාර් පිළිබඳව බොහෝ දෙනා අදහස් දක්වා තිබූ අතර ඔහු වෘත්තීයමය වශයෙක් ඔරකල් සමාඟමේ මෘදුකාංග ඉන්ජිනේරුවරයෙකු වශයෙක් කටයුතු කරන අතරතුර ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වන බවද වාර්තා වී තිබුණා.

ඇමෙරිකාවට ජයගෙන ආ සුපිරි පන්දුවාරය ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button