ජැෆ්නා පරදා ගාල්ලට තියුණු ජයක්.. -
LeagueLPL

ජැෆ්නා පරදා ගාල්ලට තියුණු ජයක්..

මෙවර LPL තරඟාවලියේ දෙවන තරඟය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් මාර්වල්ස් කණ්ඩායම අතර අද ( 02 ) පැවැත්වුණු අතර තියුණු තරඟයකින් අනතුරුව ජැෆ්නා කිංග්ස් පරදා මෙවර LPL තරඟාවලිය ජයග්‍රාහීව ආරම්භ කිරීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 කට ලකුණු 177 ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා. එහීදී පැතුම් නිශ්ශංක 51(33) සහ අවිශ්ක ප්‍රනාන්දු 59(48) අර්ධ ශතක රැස්කළ අතර නායක චරිත් අසලංක පන්දු 15 ක් තුළ ලකුණු 33 ක් රැස්කළා. මෙම තරඟයේදී අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ අර්ධ ශතකය වාර්තා අතරට එක්වුණේ ඔහුගේ 15 වන LPL අර්ධ ශතකය ලෙසයි. ඒ අනුව LPL ඉතිහාසයේ අර්ධ ශතක 15 ක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමටද අවිශ්ක සමත්වුණා.

මෙවර LPL වෙන්දේසියේදී වාර්තාගත ලංසුවක් හිමිවූ ඉසුරු උදාන යොමුකළ පන්දුවාර 04 තුළ ලකුණු 60 ක් උදුරාගැනීමට ජැෆ්නා පිතිකරුවන් සමත්වූ අතර මෙය වාර්තා අතරට එක්වුණේ LPL ඉතිහාසයේ තෙවනුවට දුර්වලම පන්දුයැවීම ලෙසයි.

LPL තරඟයක වැඩිම ලකුණු ලබාදුන් පන්දුයවන්නන්..

  • 63 runs – Lahiru Kumara vs Jaffna, 2020
  • 61 runs – Wahab Riaz vs Colombo, 2022
  • 60 runs – Isuru Udana vs Jaffna, 2024

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ගෝල් මාර්වල්ස් කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව තරඟයේ අවසන් පන්දුවේදී ඔවුන්ට හිමිවූ ඉලක්කය හඹායමින් කඩුලු 05 ක තියුණු ජයක් වාර්තා කළා. ගෝල් මාර්වල්ස් ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත්කළ ඇලෙක්ස් හේල්ස් පන්දු 47 කින් ලකුණු 65 ක් රැස්කළ අතර නායක නිරෝශන් දික්වැල්ල පන්දු 27 කින් ලකුණු 47 ක් රැස්කළා. ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ජනිත් ලියනගේ පන්දු 13 කින් වේගවත් ලකුණු 25 ක් රැස්කළ අතර ඩ්වේන් පිටෝරියස් පන්දු 05 කින් නොදැවී ලකුණු 09 ක් රැස්කළා. තරඟයේ වීරයා ලෙසින් ඇලෙක්ස් හේල්ස් සම්මාන දිනාගත්තා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button