කුසල් පෙරේරාගේ වාර්තාගත ශතකය අපතේ දමමින් ජැෆ්නා කිංග්ස් තියුණු ජයක් වාර්තා කරයි.. -
LeagueLPL

කුසල් පෙරේරාගේ වාර්තාගත ශතකය අපතේ දමමින් ජැෆ්නා කිංග්ස් තියුණු ජයක් වාර්තා කරයි..

මෙවර LPL තරඟාවලියේ සිව්වන තරඟය අද (03) ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර පැවැත්වුණු අතර තියුණු තරඟයකින් අනතුරුව අවසන් පන්දුවේදී කඩුලු 04 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 191 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර දඹුල්ල ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් මෙවර LPL තරඟාවලියේ පළමු ශතකය වාර්තා කරමින් කුසල් ජනිත් පෙරේරා පන්දු 52 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර පහක්ද සමඟින් නොදැවී ලකුණු 102 ක් රැස්කළා.

මෙය කුසල් ජනිත් පෙරේරාගේ පළමු විස්සයි විස්ස ශතකය වන අතර මෙය වාර්තා අතරට එක්වුණේ LPL ඉතිහාසයේ වාර්තා වූ වේගවත්ම ශතකය ලෙසයි. එලෙසම කුසල් ජනිත් පෙරේරා අද වාර්තා කළ ඉනිම LPL ඉතිහාසයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වාර්තා කළ හොඳම ඉනිම ලෙසින්ද ඉතිහාසයට එක්වුණා.

LPlL තරඟාවලි ඉතිහාසයේ මේ දක්වා වාර්තා වූ ශතක පහතින්

  • Laurie Evans 108* (65) vs Jaffna 2020
  • Babar Azam 104 (59) vs Galle 2023
  • Kusal Perera 102* (52) vs Jaffna 2024
  • Andre Fletcher 102* (67) vs Colombo 2022
  • Avishka Fernando 100 (64) vs Dambulla 2021

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරඟයේ අවසන් පන්දුවේදී සිය ඉලක්කය හඹායමින් තරඟයේ ජය වාර්තා කළ අතර ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අවිශ්ක ප්‍රනාන්දු පන්දු 34 කින් වේගවත් ලකුණු 80 ක් රැස්කළ අතර නායක චරිත් අසලංක පන්දු 36 කින් ලකුණු 50 ක් රැස්කළා. තරඟයේ වීරයා ලෙසින් විශිෂ්ට ඉනිමක් දියත්කළ අවිශ්ක ප්‍රනාන්දු සම්මාන දිනාගත්තා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button