ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සම්බන්ධව The Morning පුවත්පතෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.. -
News

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සම්බන්ධව The Morning පුවත්පතෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..

නිමාවූ 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරඟයට පෙර දින රාත්‍රියේ ශ්‍රී ලංකා කණ්ඩායම රැඳීසිටි හෝටලයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස්දෙනෙකු මත්පැන් සාදයක් පවත්වා ඇති බව The Morning පුවත්පත වාර්තා කර තිබෙනවා.

මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙක්, ජෙයශ්ඨ වේගපන්දු යවන්නෙක් සහ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයෙක් මේ සඳහා සම්බන්ධ වී ඇති අතර මීට අමතරව අලුතෙන් පත්වූ සහය පුහුණුකරුවෙක් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අට දෙනෙක් කළමණාකරණය කරන කළමණාකරුවෙක් මේ සඳහා එක්වී ඇති බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරනවා.

ICC නීති කඩකරමින් ක්‍රීඩක කළමනාකරුවෙක් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් හෝටල‍යේ රැඳීසිටි අකාරය පිළිබඳවද The Morning පුවත්පත ප්‍රශ්ණ කරනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button