තවත් තරඟයක් ඉතිරිව තිබියදීම විස්සයි විස්ස තරගාවලියේ ජය ඉන්දියාවට.. -
Match Results

තවත් තරඟයක් ඉතිරිව තිබියදීම විස්සයි විස්ස තරගාවලියේ ජය ඉන්දියාවට..

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඉන්දීය විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය ඊයේ (28) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 07 ක පහසු ජයක් වාර්තාකරමින් තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟ 2-0 ක් ලෙස තරඟාවලියේ ජය වාර්තා කිරීමට සූර්යකුමාර් යාදව් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 161 ක් පමණයි. පැතුම් නිශ්ශංක සහ කුසල් ජනිත් පෙරේරා සාර්ථක ඉනිම් දියත්කළත් පසුගිය තරඟයේ සේම නැවතත් මැදපෙළ පිතිකරුවන්ගෙ අසාර්ථකත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 161 කට සීමාවුණා. සාර්ථක ඉනිමක් දියත්කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 34 කින් ලකුණු 53 ක් රැස්කළා. දසුන් ශානක සහ වනිඳු හසරංග පිට පිට පන්දු දෙකක් තුළ ලකුණු නොලබා දැවීගිය අතර නායක චරිත් අසලංකටද ලබාගැනීමට හැකිවුණේ ලකුණු 14 ක් පමණයි.

මෙම තරඟයේදී දසුන් ශානක ලකුණු නොලබා දැවීයාමත් සමඟින් ඔහුගේම වාර්තාවක් නැවත සමකිරීමට දසුන් සමත්වුණා. ඒ විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පිට පිට වැඩිම වතාවක් ලකුණු නොලබා දැවීගිය ක්‍රීඩකයා ලෙසයි.

විස්සයි විස්ස පිටියේ වැඩිම වතාවක් ලකුණු නොලබා දැවීගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්..

Dasun Shanaka in 2017 – 3 Ducks
✅ Dasun Shanaka in 2024 – 3 Ducks *

තරඟයට වර්ශාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දියාවට පන්දුවාර 08 ක් තුළ ලකුණු 78 ක ඉලක්කයක් හිමිවූ අතර කඩුලු 03 ක් පමණක් දැවී පන්දුවාර 06 යි පන්දු 03 කදී පහසුවෙන් එම ඉලක්කය හඹායමින් තරඟාවලියේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත්වුණා. පන්දුයැවීමේදී වනිඳු හසරංග ක්‍රියාත්මක කළ පන්දුවාර දෙකට ලකුණු 34 ක් ලබාගැනීමට ඉන්දියාව සමත්වූ අතර මෙය වාර්තා අතරට එක්වුණේ සිය මව්බිම තුළ අවම වශයෙන් පන්දුවාර 02 ක් ක්‍රියාත්මක කළ විස්සයි විස්ස තරඟයකදී ශ්‍රී ලංකා පන්දුයවන්නෙක් වාර්තා කළ දුර්වලම පන්දුයැවීම ලෙසයි. ( 02 Overs | 34 Runs | Wickets 01 | ER – 17 )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button