එංගලන්ත Lions කණ්ඩායමට එරෙහිව ප්‍රහාත් ජයසූරියගෙන් විශිෂ්ට පන්දුයැවීමක්.. -
Domestic

එංගලන්ත Lions කණ්ඩායමට එරෙහිව ප්‍රහාත් ජයසූරියගෙන් විශිෂ්ට පන්දුයැවීමක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත Lions කණ්ඩායම අතර සිව්දින පෙර පුහුණු තරඟයේ දෙවන දිනයේදී ද වැඩි ගෞරව දිනාගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුලු 06 අතැතිව ලකුණු 06 ක් ඉදිරියෙන් සිටිමින් එංගලන්ත Lions කණ්ඩායම දෙවන දිනය ආරම්භ කළ අතර දෙවන දිනය නිමාවනවිට එංගලන්ත Lions කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 324 ක් රැස්කළා.

විශිෂ්ට ඉනිමක් දියත්කළ Hamza Shaikh ලකුණු 91 ක් රැස්කළ අතර Kasey Aldridge ලකුණු 78 ක් වාර්තා කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 102 කට කඩුලු 05 ක් බිඳදැමුවා. කසුන් රාජිත ලකුණු 51 කට කඩුලු 02 ක් බිඳදැමූ අතර ලහිරු කුමාර සහ මිලාන් රත්නායක අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

ඒ අනුව දෙවන දිනය නිමාවන විට එංගලන්ත Lions කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමවට වඩා ලකුණු 185 ක් ඉදිරියෙන් පසුවෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button