ප්‍රභාත් ජයසූරිය පළමු දස දෙනා අතරට.. -
News

ප්‍රභාත් ජයසූරිය පළමු දස දෙනා අතරට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරඟයේ දැක්වූ දක්ශතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් නවතම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා.

නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරඟයේ කඩුලු 09 ක් දවාගනිමින් විශිෂ්ට දස්කම් දැක්වූ ප්‍රභාත් ජයසූරිය, ස්තාන 05 කින් ඉදිරියට පැමිණෙමින් නවතම ICC ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 08 වන ස්තානය හිමිකරගෙන තිබෙනවා. කෙසේවෙතත් මීට පෙර ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා අතර සිටි අසිත ප්‍රනාන්දු 13 වන ස්‍තානය දක්වා පසුබැස තිබෙනවා.

එලෙසම නිමාවූ ටෙස්ට් තරඟයයේදී නැවතත් විශිෂ්ට ශතකයක් වාර්තා කළ කමිඳු මෙන්ඩිස් තවදුරටත් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ස්තාන 03 කින් ඉදිරියට පැමිණෙමින් 16 වන ස්තානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button