කාන්තා එක්දින ලෝක කුසලානය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර..

2025 කාන්තා එක්දින ලෝක කුසලානය සැප්තැම්බර් 30 වනදා සිට නොවැම්බර් 02 වනදා දක්වා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරඟාවලියට අදාළව තරඟ 31 ක් පැවැත්වීමට නියමිත අතර ඉන් තරඟ 11 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. තරඟාවලිය ආරම්භ කරමින් සත්කාරක කණ්ඩායම් දෙක වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සැප්තැම්බර් 31 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00 ට ඉන්දියාවේ ගුවාතිහීදී තරඟ වදිනවා. මූලික වටයේදී ශ්‍රී ලංකාව තරඟ 07 ක් ක්‍රීඩාකිරීමට නියමිතයි.
මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ කාලසටහන.
- 30th September Vs India Women 🇮🇳 ( 3.00 p.m | Guwahati )
- 4th October Vs Australia Women 🇦🇺 ( 3.00 p.m | Colombo-RPS )
- 11th October Vs England Women 🏴 ( 3.00 p.m | Colombo-RPS )
- 14th October Vs New Zeland Women 🇳🇿 ( 3.00 p.m | Colombo-RPS )
- 17th October Vs South Africa Women 🇿🇦 ( 3.00 p.m | Colombo-RPS )
- 20th October Vs Bangladesh Women 🇧🇩 ( 3.00 p.m | Navi Mumbai )
- 24 October Vs Pakistan Women 🇵🇰 ( 3.00 p.m | Colombo-RPS )
තරඟාවලියේ නිළ දේශීය විකාශණ අයිතිය MTV මාධ්‍ය ජාලය විසින් ලබාගෙන ඇති අතර TV 1 නාලිකාව ඔස්සේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට මෙවර කාන්තා ලෝක කුසලානය නැරඹීමේ අවස්තාව උදාවෙනවා.
සිරස TV1 නාලිකාව නැරඹිය හැකි සංඛ්‍යාත.
- කොළඹ – UHF 58 (767.25 MHz)
- ගොන්ගල – UHF 53 (727.25 MHz)
- ගම්මඩුව – UHF 53 (727.25 MHz)
- හුන්නස්ගිරිය – UHF 51 (711.25 MHz)
- නමුනුකුළ – UHF 58 (767.25 MHz)
- මිනුවන්ගල – UHF 54 (735.25 MHz)
- නුවරඑළිය – UHF 59 (775.25 MHz)
- නුවරඑළිය – UHF 29 (535.25 MHz)
- මතුගම – UHF 53 (727.25 MHz)
- කිලිනොච්චිය – UHF 34 (575.25 MHz)
Dialog TV සහ Peo TV පාරිභෝගිකයන්ට Star Sports 1 , Star Sports 1 HD නාලිකා ඔස්සේ කාන්තා ලෝක කුසලානය සජීවීව නැරඹිමට හැකියාව පවතිනවා. ඩිජිටල් මාධ්‍ය ඔස්ස් sirasatv.lk වෙබ්අඩවිය හරහාද ලෝක කුසලානය නැරඹීමේ හැකියාව පවතිනවා.