බංග්ලාදේශයට මෙවර T20 ලෝක කුසලානය අහිමිවීමට වැඩි ඉඩක්. -
News

බංග්ලාදේශයට මෙවර T20 ලෝක කුසලානය අහිමිවීමට වැඩි ඉඩක්.

ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල් දෙක අතර පවතින දේශපාලන මතභේදාත්මක කරුණු හේතුවෙන්, ඉන්දියාව තුළ තමන්ට ආරක්ෂාවක් නොමැති බව පවසමින් බංග්ලාදේශ කණ්ඩායම මේවර ලෝක කුසලානය ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඔවුන් පවසන්නේ ඔවුන්ගේ තරඟ සියල්ලම ශ්‍රී ලංකාව තුළ පවත්වන ලෙසටයි. නමුත් ඔවුන්ගේ එම ඉල්ලීම ICC ය විසින් ප්‍රතික්ෂේප කළ අතර, ඉන්පසුව ඔවුන් අයර්ලන්ත කණ්ඩායම සමඟින් group එක මාරුකරන ලෙස ඉල්ලීමක් කළ නමුත් අයර්ලන්තය ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ නොකරන්නේනම් ICC පවසන්නේ බංග්ලාදේශය කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවත්කර, ස්කොට්ලන්තයට එම අවස්ථාව ලබාදෙන බවයි.

එලෙස, ස්කොට්ලන්තයට එම අවස්ථාව ලබාදෙන තීරණයට අනෙක් කණ්ඩායම් වල ක්‍රීකට් සභාපතිවරයින් එක්කර ගනිමින් ඡන්දයක් ද පවත්වා ඇති අතර, එහිදී ශ්‍රී ලංකාව ද එම තීරණයට මනාපය ලබාදී තිබෙනවා. බංග්ලාදේශයට පක්ෂව සිටගෙන ඇත්තේ පකිස්ථානය පමණයි.

එසේ නමුත්, අවසාන වශයෙන් ICC ය බංග්ලාදේශයට ඉන්දියාවේ ක්‍රීඩා කරනවා ද නැද්ද යන්න තීරණා කිරීම සඳහා පැය 24ක කාලයක් ලබාදී තිබෙනවා. නමුත් බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා පවසන්නේ ඔවුන් ඉන්දියාවේ ක්‍රීඩා නොකරන බවටයි. ඒ අනුව බංග්ලාදේශය කණ්ඩායම වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායමට මෙම තරඟාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button