News
අවසන් මහා තරඟයේ විනිසුරුවන් නම්කරයි..

මෙවර ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය මාර්තු 08 ඉරිදා අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතිනවා.
ඒ අනුව අවසන් මහා තරඟයේ විනිසුරු මඩුල්ල ICC ය විසින් නිවේදනය කර තිබෙනවා. පිටියේ විනිසුරුවන් දෙපළ ලෙස Richard Illingworth සහ Alex Wharf කටයුතු කිරීමට නියමිත අතර තෙවන සහ සිව්වන විනිසුරුවන් ලෙසින් Allahuddien Paleker සහ Adrian Holdstock නම්කර තිබෙනවා. එලෙසම තරඟ තීරක ලෙසින් Andy Pycroft කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.
කෙසේවෙතත් මෙවර ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී කිසිඳු ශ්‍රී ලාංකික නියෝජනයක් නොමැති අතර කුමාර් ධර්මසේන හෝ රන්ජන් මඩුගල්ලට අවස්තාවක් හිමිනොවීම විශේෂත්වයක්.

