ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න.

එක්දින තරඟ 03 ක්, විස්සයි විස්ස තරඟ 03 ක් සහ ටෙස්ට් තරඟ 02 කින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ජූනි 03 වනදා සිට ජූලි 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
තරඟාවලියේ නිළ දේශීය විකාශන අයිතිය Supreme TV නාලිකාව විසින් ලබාගෙන ඇති අතර Supreme TV නාලිකාව ඔස්සේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට තරඟාවලිය සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා. Dialog TV පාරිභෝගිකයන්ට ThePapare 1 (Ch No 62) සහ ThePapare 1 HD (Ch No 126) නාලිකා ඔස්සේ සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා. Peo TV පාරිභෝගිකයන්ට Peo Sports 1 HD ( Ch No 323) සහ Peo Sports 1 SD ( Ch No 150 ) නාලිකා ඔස්සේ තරඟාවලිය සජීවීව නැරඹිය හැකියි.
තරග කාල සටහන. 👇
🏏 1st ODI – June 03 @ 8.00 P.M.
🏏 2nd ODI – June 07 @ 1.00 A.M.
🏏 3rd ODI – June 09 @ 1.00 A.M.
🏏 1st T20I – June 12 @ 7.00 A.M.
🏏 2nd T20I – June 14 @ 7.00 A.M.
🏏 3rd T20I – June 15 @ 6.00 A.M.
🏏 1st Test
– June 25 to June 30 @ 7.30 P.M.
🏏 2nd Test
– July 03 to July 08 @ 7.30 P.M.

